මාස් කන්න රැස්වීමට නිලධාරීන් නැහැ කියා වාරිමාර්ග ඇමතිට කේන්ති ගිහින්
වසරකට දෙවරක් පමණක් රැස්වන මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබෙනවා.
එළඹෙන මාස් කන්නයේ වගා සැලසුමට අනුව ජලය මුදා හැරෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජල කළමනාකරණ කමිටු රැස්වීම ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට දැඩි දෝෂාරෝපණය කර තිබෙනවා.
මෙම රැස්වීම සඳහා සහභාගී විය යුතු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා දිසාපතිවරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන් නොමැතිව සාකච්ඡා කරන තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
සාමූහික වගකීම කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවන බවත් එය රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පද්ධතිය තුළම තිබිය යුතු බවද එහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.
හම්බන්තොට, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර, නුවරඑළිය, වව්නියාව ඇතුළු සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වී සිටියා.
හදිසි රාජකාරී අවශ්‍යතාවක් හේතුවෙන් මෙම රැස්වීමට තමන්ට සහභාගීවීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබූ අතර ගොවීන්ගේ ගැටලු පැන නගින අවස්ථාවලදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකථනය මගින් සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කර ත්බෙනවා..
The post මාස් කන්න රැස්වීමට නිලධාරීන් නැහැ කියා වාරිමාර්ග ඇමතිට කේන්ති ගිහින් appeared first on ITN News.