අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම්
අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළා.
2022-2023 ශ්‍රී පාද වන්දනා සමඟ අවසන් වීමත් සමඟ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව කරුණා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබියදී ඇතැම් මාධ්‍යයන් වල ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබා දී ඇති බවට පලවූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීමේදී අදාල ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිලිබඳව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බවත්, එසේ අවසරයකින් තොරව ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබා නොදෙන ලෙස නල්ලතන්නිය සහ රත්නපුර පොලීසිය දැනුවත් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින් කඩ අධික වර්ෂාව පතිත වන නිසා පිවිසෙන පියගැටපෙල දිගේ අධික ජල ධාරිතාවක් පහලට ගලා බසින නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරිම අවදානම් බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.
The post අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් appeared first on ITN News.