ශ්රී ලංකන් ගුවන් සේවය සමාව අයදියි
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා.
ප්‍රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරිමට හා ප්‍රමාද කිරීමට සිදු වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසන්නේ.
ගුවන් යානා තාවකාලිකව ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වනවා. ගුවන් යානයට මගීන් ඇතුළු කිරීමට පෙර අලුත්වැඩියා කිරීම සහ දැඩි පරික්ෂාවට ලක් කිරීමද සිදු වනවා. එම පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි පියාසර කිරීම සදහා අවසර ලබා දෙන්නේ.
කෙසේ වෙතත් සිදු වූ තාක්ෂණික ගැටලු වලදී විකල්ප ගුවන් ගමන් සදහා මගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම ප්‍රමාදවීම්වලදී ඔවුන්ට හෝටල්වල නවාතැන් පහසුකම් සැලසිමට කටයුතු කර තිබෙනවා.
එහෙත් සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සමාව අයදින අතර ඉදිරියේ දී අතපසුවිම් අවම කිරීමට උනන්දුවෙන් කටයුතු කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තවදුරටත් සදහන් කරන්නේ.
The post ශ්රී ලංකන් ගුවන් සේවය සමාව අයදියි appeared first on ITN News.