සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන විධිමත් පරීක්ෂණයක්
මහරගම සීතා ඇතින්නට වෙඩි තැබීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.
මහියංගනය රජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයට විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් මේ දිනවල සහභාගිවී සිටිනවා.
ප්‍රදේශයේ වන අලින් බහුලව සැරසරන බැවින් එම සත්වයින් පලවා හැරීමේ කණ්ඩායමක් යොමුකරන ලෙස මහියංගනය විහාරාධිපති හිමියන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව වනජීවී නිලධාරීන් සමග වන අලින් පලවා හැරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සිවිල් ආරක්ෂක භටයෙකු ද සහභාගිවී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ.
මහවැලි ගග අසබඩ ගැටගසා සිටි මහියංගය පෙරහැර සහභාගි වූ සීතා ඇතින්නට රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම පිළිබඳ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම අභ්‍යන්තර පරීක්ෂනයක් ද පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අදාළ පාර්ශ්ව වෙත නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළා.
අදාළ රාජකාරියට සම්බන්ධ වී සිටි සිවිල් ආරක්ෂක භටයා විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.
The post සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන විධිමත් පරීක්ෂණයක් appeared first on ITN News.