අයහපත් කාලගුණයෙන් 55,780ක් ආපදාවට
අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් දහතුන්දහස් හයසිය විසිහතකට අයත් පුද්ගලයන් පනස් පන්දහස් හත්සිය අසූ දෙනෙකු ආපදාවන්ට ලක්ව සිටිනවා.
අද දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කුකුළේ ගග ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු අද උදෑසන වන විට විවෘත කෙරුණා. කුකුළේ ගග ජල මට්ටම ඉහළ යාමත් සමග අඩුවෙමින් පැවති බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී පවතිනවා.
අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ ජයන්තිපාලම අසල ප්‍රදේශය ගංවතුරෙන් යටවී පවතිනවා. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවවෙන් මාතර දෙසට සැහැල්ල වාහන ගමන් කිරීම නොහැකි බවයි වාර්තා වන්නේ.කොළඹ දෙස සිට මාතර දෙසට පැමිණෙන සැහැල්ල වාහන කපුදූව පිවිසුමෙන් පිටතට පැමිණිය හැකිය.
අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයක බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් පනස් පන් දහසකට අධික පිරිස සදහා සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. බස්නාහිර හා දකුණ යන පළාත් හරහා ගලා බසින ගංගා සියල්ලම පාහේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. වර්ෂාව පවතින ප්‍රදේශවල පස් අධික තෙතමනයකින් යුක්ත බැවින් සැළකිලිමත් වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අත්තනගලු ඔයේ ජල මට්ටමද මේ වන විට සැළකිය යුතු තත්ත්වයක පවතිනවා. වර්ෂාව අඩුවීමත් සමග ජල මට්ටමේ යම් අඩුවක් දක්නට ලැබුණද යළි වර්ෂාව වැඩිවීමත් සමග අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ යා හැකියි.
කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් පලතුඩුව, ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී පවතිවා. එමෙන්ම බෙලිඅත්ත නළගම, ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙසිය පනහකට අධික ප්‍රමාණයක අස්වනු නෙලීමට නොහැකි තත්වයකයි පවතින්නේ. එම වෙල් යාය සති දෙකක පමණ කාලයක් ජලයෙන් යට වී පවතිනවා. වළස්මුල්ල බෙලිඅත්ත මාර්ගයේ ඕකේවෙල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. විදුලි රැහැන් හා දුරකතන රැහැන්වලටද හානි සිදු වුණා.
පවතින කාලගුණ ත්ත්වය හමුවේ කදුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනවා.
The post අයහපත් කාලගුණයෙන් 55,780ක් ආපදාවට appeared first on ITN News.