යාපනයේ ප්රදේශ කීපයක් පුරා පැතිරෙන ඇස් රෝගය
දිනවල යාපනයේ ප්රදේශ කීපයක් පුරා ඇස් රෝගයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් සිසුන් බවයි වාර්තා වන්නේ.
මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් වාර්තා වෙනවා.
ඒ එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබීමත් සමඟයි.
මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ ලෙස, ඇස්වලින් කඳුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් දැකිය හැකිය.
එමෙන්ම රෝගය වැළඳීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බව ද වාර්තා වේ.
මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස එම නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.
The post යාපනයේ ප්රදේශ කීපයක් පුරා පැතිරෙන ඇස් රෝගය appeared first on ITN News.