අරමුදල් නොමැති කමින් නතර වුණු කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම්
මුලතිව් – කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු පසුගිය සැප්තැම්බර් 6 ආරම්භ වූ අතර එහි කැණීම් සැප්තැම්බර් 15 දක්වා සිදු කෙරුණා.
මෙම කැණීමේ කාර්යයේදී අස්ථි කොටස් 17ක් ගොඩගනු ලැබ තිබියදී එම කැණීම් කටයුතු අත්හිටුවන ලදී.
එම කණ්ඩායම විසින්ම ඔක්තෝම්බර් 3 වන සතියේ කැණීම් යළි ආරම්භ කරන බව මුලතිව් අධිකරණ වෛද්‍ය කනකසබාපති වාසුදේව මහතා දන්වා තිබුණා.
මේ වන විට සමූහ මිනීවල ඇති ස්ථානයේ කැණීම් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සොයා බැලු විට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වාර්තා වන්නේ ඉදිරි කැණීම් කටයුතු සදහා අරමුදල් නොමැති බවයි.
අධිකරණ වෛද්‍ය කනකසබාපති වාසුදේව මහතා පවසන්නේ අරමුදල් නොමැති වුවහොත් එම කටයුතු නතර වීමට ඉඩ ඇති බවයි.
එමෙන්ම මේ වන විට ලබාගෙන ඇති මරණ පරීක්ෂන වාර්තා 17 වල ප්‍රතිපළ නිකුත් වන දිනයක පිළිබඳවද මෙතෙක් කීමට නොහැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.
The post අරමුදල් නොමැති කමින් නතර වුණු කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් appeared first on ITN News.