අවාරයේ සිරිපා වන්දනාවට ප්රවේශපත්ර නිකුත් කිරීමට එරෙහිව උද්ඝෝෂණයක්
අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.
අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරයන් සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමට විරෝධය පාමින් මහ සංඝරත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව අද (08) දින නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණ.
මහා සංඝරත්නය පෙරටු කරගත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස පංච තූර්ය වාදන මධ්‍යයේ නල්ලතන්නියේ සිට විරෝධතා පුවරු අතැතිව පා ගමනින් ශ්‍රීපාද මාර්ගයේ මකර තොරණ දක්වා ගමන් කර වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
The post අවාරයේ සිරිපා වන්දනාවට ප්රවේශපත්ර නිකුත් කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් appeared first on ITN News.