ශ්රී ලංකාව සහ ඇමෙරිකා තානාපති සබඳතාවලට වසර 75ක් සැපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක්
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් රාජධානියේ තානාපති සබඳතා වලට වසර 75ක් සැපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් වොෂින්ටන් තානාපති පරිශ්‍රයේ පැවැත්වුණා.
දෙරටේ වසර 75ක සබඳතාව විදහා දැක්වෙන සංස්කෘතිකාංග රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුණා.
අමාත්‍ය අලි සබ්රි ,ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන් එම අවස්ථාවට එක්වෙමින් කියාසිටියේ අධ්‍යාපන , සංස්කෘතික , සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සබඳතා වර්ධනය කර ගැනීමට දෙරටට හැකිවූ බවයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා ඒජන්සියේ කොන්සියුලර් ක්ලින්ටන් වයිට් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post ශ්රී ලංකාව සහ ඇමෙරිකා තානාපති සබඳතාවලට වසර 75ක් සැපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් appeared first on ITN News.