ජපානය දුන්න තෑගි

- itnnews.lk

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන, පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

ජපනයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඊට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ තොරතුරු පහතින්..

මෙහිදී අදහස් දැක්වූ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට හැකිවීම පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බවයි. දිගුකාලීන මිතුරෙකු ලෙස ජපානය ඉදිරියටත් ශ්‍රි ලංකාව සමග කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ලබා දුන් මෙම සහාය පිළිබඳ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා මෙහිදී ජපාන රජයට සිය ස්තූතිය පළ කර සිටියේය.

මෙරට ආර්ථික දුෂ්කරතා හමුවේ වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා එල්ලවන අයහපත් බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බවත් ඒ යටතේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ERP), පාසල් ආහාර වැඩසටහන (SMP) සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන ප්‍රධාන වැඩසටහන් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මීට වසර 70කට පෙර ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දිනයේ සිට ජපාන රජය සුපුරුදු පරිදි ඔවුන්ගේ සහ ශ්‍රී ලංකාවට ලබාදෙමින් සිටින අතර ලෝක ආහාර වැඩසටහන යටතේ ඩොලර් මිලියන 10 ක් වටිනා ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ERP) යටතේ හිමි වූ ජපාන ආධාර සෘජුවම ආර්ථික දුෂ්කරතා හමුවේ වඩාත් අවදානමට ලක් විය හැකි පවුල් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති අතර එමඟින් රට පුරා පවුල් එක්ලක්ෂ හතළිස් පන්දහසකට (145,000) ප්‍රතිලාභ ලැබී ඇති බවත් සමරතුංග මහතා පැවසීය.

මේ දක්වා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7270ක් ලබා දී ඇති බවත්, ඒ යටතේ පාසල් ආහාර වැඩසටහන සදහා රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එමගින් පාසල් ළමුන් නවලක්ෂ හැට දහසකට (960,000) ප්‍රතිලාභ ලැබී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

The post ජපානය දුන්න තෑගි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A motorcyclist has reportedly been injured and hospitalised after a tree fell on him while he was travelling on the Hatton- Bogawantalawa main road in the Wanarajawatta area today (22).

- adaderana.lk

An individual has been arrested in Kadawatha for allegedly impersonating an Inspector of Police (IP) of the Criminal Investigations Department (CID) and demanding a sum of Rs. 25,000 from a woman.

- adaderana.lk

The Department of Examination has announced the date for the 2024 Grade 5 Scholarship Examination.

- adaderana.lk

President Ranil Wickremesinghe paid a visit to the Iranian Embassy in Colombo this morning (22) to extend his condolences on the untimely tragic passing of the late Iranian President, Ebrahim Raisi, the President s Media Division said.

- colombogazette.com

A 10-year-old girl was killed after being run over by a private bus in Kurunduwatta, Gampola, Sri Lanka. The child had reportedly attempted to cross the road when the accident took place.  

- colombogazette.com

A Filipino woman has been arrested in Sri Lanka with cocaine worth over Rs 200 million, officials said on Wednesday. The woman was arrested at the Bandaranaike International Airport (BIA) when she arrived from Ethiopia via Doha, Qatar. The Filipino woman had 02 kilograms and 851 grams of cocaine concealed in three parcels inside her […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc