වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්රවර්ධනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක්
වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශයේ ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අහමඩ් බින් අලි සයේග්( Ahmed bin Ali Sayegh) මහතා ඊයේ (2023.10.11) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
වෙළෙඳ, බලශක්ති, සත්කාරක සහ සංචාරක ක්ෂේත්‍රවල මෙන්ම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජන ඉහළ නැංවීම, ආර්ථික සබඳතා වර්ධනය කිරීම, ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම අවසන් කිරීම සඳහා නිල සාකච්ඡා ඉක්මනින් ආරම්භ කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයා එකඟ වුණා.
අපනයනය සඳහා ආහාර බෝග නිෂ්පාදනයට නව ආර්ථික කලාප පිහිටුවා ඇති බැවින් කෘෂිකර්මාන්තය වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැන් අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ලක්ෂ තුනකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදුන් සහයෝගය පිළිබඳව ඔහු ස්තුතිය පළ කළ අතර විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙරටේම ආර්ථිකයන්ට සම්පතක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දූත පිරිසට තානාපති Khalid Naser Al-Ameri, රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ Sultan Al Mansoori සහ ආර්ථික හා වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Ghada Al Nabulsi ද ඇතුළත් වුණා.
මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියා.
The post වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්රවර්ධනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් appeared first on ITN News.