පෞද්ගලික අභිමථාර්තයන් පසෙකලා කලාව රැකගැනීම කලාකරුවන්ගේ වගකීමක් – ඇමති විජයදාස

- itnnews.lk

ගීත නිර්මාණයෙදී ගී පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාගේම අයිතිවාසිකම් සුරක්ෂිතවන පරිදි බුද්ධිමය දේපල නීතියෙහි කෙරෙන සංශෝධන සඳහා සියළු වාදබේද අමතක කර සාමූහිකව සහයෝගය පල කල යුතු බවත් ඒ සඳහා ලැබී ඇති මෙම ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කලාකරුවන්ගේ වගකීම බවත් අධිකරණ, බන්ධානාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ ගීත නිර්මාණයක අයිතිය පද රචකයා, තනු නිර්මාණ ශිල්පියා සහ ගායකයා යන තිදෙනාටම සම අයිතිය ඇති බුද්ධිමය දේපළක් ලෙසට ඇතුලත් වන පරිදි බුද්ධිමය දේපළ නීතිය සංශෝධනය කිරිීම සඳහා පත්කරන ලද කමිටුවෙහි තවත් සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (2023.10.11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේදීයි.

ඉතා සියුම් ලෙස ගැටළු දෙස බලා විෂයානුබද්ධ දැනුම ප්‍රයෝජනයට ගෙන ගැටලු විසඳීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ලෙස මැදිහත් වන ආකාරය පිළිබඳ මෙම කමිටුවෙහි සහ කලාකරුවන්ගේ විශේෂ ඇගයීමට ලක්වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අභිමථාර්තයන් පසෙකලා කලාව රැකගැනීමේ වගකීම සියළු කලාකරුවන්ගේ වගකීම බවත් මෙම ගැටළු නිරාකරනය කිරීම සඳහා තමන් මැදිහත් වනුයේ කලාකරුවන් සමඟ තමන්ගේ ඇති පෞද්ගලික මිතුරුකම් හෝ රුචි අරුචිකම් සලකා බලා නොව කලාව සඳහා අවංක ආදරයක් තමන්ට ඇති නිසා බවයි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමාත්‍යවරයාගේ ආරාධනාව පරිදි මෙම විෂයට අදාල නීති ප්‍රවීණයන් සම්බන්ධ වී සිටි අතර පැමිණ සිටි කලා කරුවන්ගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේ ඔවුන්ගෙන් නීති උපදෙස් ලබාගනිමින් අදාල සංගම් වල තිබෙන නීති හා ව්‍යවස්ථාමය ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාගන්නා ලෙසයි.

බුද්ධිමය දේපල නීතිය සංශෝධනය කල හැකිද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ කමිටු වාර්තාව මෙහිදී වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා විසින් අමාත්‍යතුමා වෙත පිළිගැන්වුවා.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඡායා ශ්‍රී නම්මුණි, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ නීති නිලධාරී අමිතා ජයතුංග, ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ අධ්‍යක්ෂ සංගමය වෙනුවෙන් අචාර්ය රෝහණ වීරසිංහ, නිලාර් එම් කාසිම් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ කලාකරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post පෞද්ගලික අභිමථාර්තයන් පසෙකලා කලාව රැකගැනීම කලාකරුවන්ගේ වගකීමක් – ඇමති විජයදාස appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Fly Highdream Big appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Philip Gunawardena: Who Is Ready To Serve ? appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post ටෝකියෝ සමාගම හා ඩග්ලස් දේවානන්ද කිලිනොච්චියේ ගොවි, ධීවර හා වන බිම් අක්කර 3000ක් සිමෙන්ති නිෂ්පාදනයට බලෙන් අත්පත් කර ගනී appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post NPP Beware! appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Provincializing Universities: The Risks & Dangerous Precedent Of The Newly Proposed NEPF appeared first on Colombo Telegraph.

- island.lk

Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena stressed the necessity of adhering to the loan agreements with the International Monetary Fund (IMF) irrespective of who is in power in Sri Lanka. He also said that  parties aspiring to clinch state power have an obligation to disclose to the country.of their compliance with […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc