මන්නා රමේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
පසුගිය 20 වනදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ මන්නා රමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විෂේශ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
හලාවත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ.
හම්බන්තොට කටුවැව හංදිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 100ක් හා ජංගම දුරකතනයක් ද ඔහු ළඟ තිබි සොයා ගෙන තිබෙනවා.
සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21ක් හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු දැනට විදේශ ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු වනවා.
තල්දූව ප්‍රදේශයේ පසුගිය 20 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වු අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
The post මන්නා රමේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.