British Way Popular Awards උළෙලේදී ITN සම්මානයෙන් පිදුම් ලබයි

- itnnews.lk

බ්‍රිටිෂ්වේ පොපියුලර් සම්මාන උළෙලේදී ස්වාධීන රූපවාහිනිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

නෙළුම් පොකුණ රංග ශාලාවේ දී යි සම්මාන උළෙල පැවැත්වුණේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

රූපවාහිනිය, ගුවන් විදුලිය, සිනමාව ,සංගීතය, සමාජ මාධ්‍ය  ඇතුළු අංශ ගණනාවකට සම්මාන ලබා දුන්නා. මෙහිදී ජනප්‍රියතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ස්වාධීන රූපවාහිනයේ මධුනිකා කරපුටුගල සම්මාන හිමිකර ගත්තා.

ස්වාධීන රූපවාහිනියේ නජිත් මාතරගේ ජනප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනා ගත්තා.

ජනප්‍රියතම ටෙලි නාට‍්‍ය තේමා ගීතය ලෙස ජානු ටෙලි නාට්‍යයේ ‘ කොමළී“ ගීතය සම්මානයට පාත්‍ර වුණා.

ජනප්‍රියතම රූපවාහිනී නාලිකාව සහ ප්‍රවෘත්ති නාලිකාව ලෙස සම්මාන හිමිකර ගත්තේ හිරු රූපවාහිනී නාලිකාවයි.

ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය ලෙස තරින්දි ප්‍රනාන්දු සම්මාන ලබාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මාන හිමිකර ගත්තේ සාරංග දිසාසේකරයි.

කදිර දිව්‍යරාජ චිත්‍රපටය ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන හිමිකර ගනිද්දී ජනප්‍රියතම සිනමා රංගන ශිල්පියා ලෙස රන්ජන් රාමනායක සහ ජනප්‍රියතම සිනමා රංගන ශිල්පිනිය ලෙස උදාරි වර්ණකුලසූරිය සම්මාන හිමිකර ගත්තා.

ජනප්‍රියම ගායිකාව වූයේ ශෂිකා නිසංසලායි.

චාමර වීරසිංහ ජනප්‍රියම ගායකයා ලෙස සම්මාන හිමි කරගත්තා.

සමාජ මාධ්‍යයේ අංශ ගණනාවක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමීම විශේෂත්වයක්.

ජනප්‍රිය සම්මාන නිර්දේශ ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව ජනතාවගේ එස් එම් එස් මනාප අනුවයි සම්මාන ලබා දීම සිදු කෙරුණේ.

ගීතාංජන කොස්තා මහතාගේ සංකල්පයකට අනුව පළමුවරටයි බ්‍රිටිෂ්වේ පොපියුලර් සම්මාන උළෙල  පැවැත්වුණේ.

 

The post British Way Popular Awards උළෙලේදී ITN සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Sri Lanka Cricket (SLC) announced that it has increased player fees for all categories of Sri Lanka s international players with immediate effect.

- adaderana.lk

The Commissioner General of Examinations Mr. H.J.M.C. Amith Jayasundara says that although a few incidents of irregularities were reported during the ongoing 2023 G.C.E. Ordinary Level examination, no question paper leak has taken place.

- adaderana.lk

The Department of Meteorology says that thundershowers accompanied by severe lightning are likely to occur at several places in in Western, Sabaragamuwa, North-western and Uva provinces and in Galle and Matara districts after 2.00 p.m. on Saturday (11).

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has raised significant concerns regarding the prolonged delay in appointing judges to fill vacancies in the Court of Appeal.

- adaderana.lk

South Korea will set up a ministry to address the country s plummeting birth rate, president Yoon Suk Yeol announced on Thursday, calling it a Ânational emergencyÂ.

- colombotelegraph.com

[…]The post Aragalaya Effect Vs IMF Effect appeared first on Colombo Telegraph.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc