මෙවර අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවේවි
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩිවන බවට අපේක්ෂා කරන බව මහනුවර දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.
ඊයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු වලට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙරටට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටවල් කිහිපයක් දැනටමත් එකගතාවය පල කර ඇති නිසා ලබන මස වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත විමට හැකි බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීමෙන් පසු නතර කළ සංවර්ධන කටයුතු සියල්ල යලි ආරම්භ කිරීම සිදු කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
The post මෙවර අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවේවි appeared first on ITN News.