නික්ම යන ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි
ධුර කාලය අවසන් කර මෙරටින් පිටත්ව යන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් මහතා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා හමුවුණා.
ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් මහතා හා ආරක්ෂක ලේකම්වරයා අතර කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුනා.
ධුර කාලය අවසන් කර සූද් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය සුභාශිංසන ද එක්කළා.
The post නික්ම යන ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි appeared first on ITN News.