ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ඉතා දුර්ලබ ගනයේ ගජමුතු දෙකක් ඇතුලු ගජමුතු හයක් රුපියල් කෝටි 60කට අලෙවි කිරීමට සුදානම් කර තිබිය දී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.
මෙම ගජමුතු දෙකක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවු වැඩිම බරකින් යුතු ගජමුතු බවටයි හැඳින්වෙන්නේ.
ගජමුතු විදේශිකයෙකුට අලෙවි කිරීමට සුදානම්කර ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවමින් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දී ඒවා මිලදී ගන්නා අවස්ථාවේයි සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
එම ගජමුතු අතර කැරට් 325ක් සහ කැරට් 328ක් බරැති ගජමුතු දෙකක් ද හමුවී තිබෙනවා. මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර මරාදමන ලද ඇතුන් පිළිබද තොරතුරු සොයා ගැනීමට නියමිතයි.
The post ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.