ගාසා හි රෝහල්වල මළ සිරුරු – සිරුරු ආවරණය කිරීමට අවශ්ය පොලිතීන් කවර නැහැ
සැපයුම් නොමැති කමින් ගාසා හි රෝහල්වල මළ සිරුරු ගොඩ ගැසෙන තත්ත්වයක් ඇති ව තිබෙනවා.
මධ්‍යම ගාසා තීරයේ අල්අක්සා රෝහලේ මළ සිරුරු ආවරණය කිරීමට අවශ්ය පොලිතීන් කවර පවා නොමැති තත්ත්වයකුයි ඇති ව තිබෙන්නේ.
ඒ හේතුවෙන් රෝහලෙන් පිටත මළ සිරුරු ගොඩගසා ඇති ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා.
ඖෂධ නොමැති කමින් තුවාල වූවන්ට ප්‍රතිකාර කිරීම ද ඇණහිට තිබෙනවා.
පෙරේදා රාත්‍රීයේ ද ගුවන් ප්‍රහාර සියයක් පමණ එල්ල වු අතර තුවාල ලැබු බොහෝ පිරිසක් මිය ගියා.
ඇතැම් මළ සිරුරු හදුනාගත නොහැකි තරම් විනාශ වී ඇති අතර ඒ හේතුවෙන් ඥාතීන්ට භාරදීමේ හැකියාවක් ද නොමැති බවයි ගාසා වාර්තා සදහන් කරන්නේ.
The post ගාසා හි රෝහල්වල මළ සිරුරු – සිරුරු ආවරණය කිරීමට අවශ්ය පොලිතීන් කවර නැහැ appeared first on ITN News.