උපත්පාලන අතුරු ආබාධ නිසා දහස් ගණනක් කාන්තාවන් ඖෂධ සමාගමකට එරෙහිව නඩුමඟට
එෂුවර් නම් උපත්පාලන උපකරණයේ අතුරු ආබාධ හා සබැඳිව බ්රසීලයේ කාන්තාවෝ 300කට වැඩි පිරිසක් බේයර් ඖෂධ සමාගමට එරෙහිව නඩු පැවරීමට උත්සාහ දරමින් සිටිති. අදාළ උපකරණය 2018 දී ස්ථිරවම වෙළඳපොළෙන් ඉවත්කර ඇතත්, දැනටමත් එම උපකරණය සවිකරවාගත් කාන්තාවෝ, ඔවුහු වසර ගණනාවක් තිස්සේ දරුණු වේදනාවක් සහ දරාගත නොහැකි ප්රතිවිපාකයන්ට මුහුණ දුන්බව පවසති.