ගාසා තීරයේ ජීවත් වන ජනතාවට ලැබුණු ආධාර ප්රමාණවත් නැහැ – ජගත් සංවිධානය
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට මෙය කාලය නොවන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලයට තම ආත්ම ආරක්ෂාව සපයා ගැනීමට අයිතියක් ඇති බැවින් හමාස් සංවිධානයට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ලබා දිය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.
ඊයේ දිනයේ දී ද ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරය බලා පිටත්ව ගිය බව ජගත් සංවිධානය පවසනවා.
ආහාර / ජලය හා ඉන්ධන ඊට අයත් බවයි එම සංවිධානය නිවේදනය කරන්නේ.
කෙසේ වුවද එම ආධාර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.
ජීවිත අවධානම නොතකා ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට පළා ගිය ජනතාව නැවත උතුරු ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි ජගත් සංවිධානය තවත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
දකුණු ප්‍රදේශයට ලැබී ඇති ආහාර / පානීය ජලය හා තාවකාලික කුඩාරම් සමස්ත පිරිසට ප්‍රමාණවත් නොවීම ඊට හේතු වී තිබෙනවා.
මිලියනයකට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ දී උතුරු ප්‍රදේශයෙන් දකුණු ප්‍රදේශය බලා පළා ගියා.
මේ වන විට අවතැන් පුද්ගලයෙකුට දිනකට හිමිවන්නේ ජලය ලීටරයක් පමණ වන අතර ආහාර සදහා අරාබි පාන් එකක් හෝ දෙකක් හිමිවන බව ද ජගත් සංවිධානය සදහන් කරනවා.
The post ගාසා තීරයේ ජීවත් වන ජනතාවට ලැබුණු ආධාර ප්රමාණවත් නැහැ – ජගත් සංවිධානය appeared first on ITN News.