ඊශ්රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ගේ දේහය හඳුනා ගනී
හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලක මහත්මියගේ දේහය අද පැවතී වීඩියෝ සංනිවේදන වැඩසටහනේ දී පවූලේ සාමාජිකයන් විසින් හඳුනාගත් බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා
ඒ අනුව දේහය ශ්‍රී ලංකාව වෙත යැවීමට කටයුතු කරන බවයි ඒ මහතා පැවසුවේ.
ඇය වෙනුවෙන් පවත්වන මතක වස්ත්‍ර පූජාව හා ආගමික වතාවත් 2013/10/25 වැනි දින පෙරවරු 11. 00 පහත ස්ථානයේ ඇති මල් ශාලාවේ දී සිදුකෙරෙන බවද සඳහන්
තානාපති කාර්යාලයේ නිලධාරීන් ද ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්යංශය හා PIBA ආයතනයේ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතයි
අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කැමති ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හට ඒ සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දැනුම් දෙන බවද ඒ මහතා පැවසුවා.
The post ඊශ්රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ගේ දේහය හඳුනා ගනී appeared first on ITN News.