දේශපාලන වෙනස්කම් එලෙසින්ම තබා ගනිමින් රට ගොඩනැඟීමට සියලුදෙනා එක්වෙමු – ජනපති

- itnnews.lk

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, සියලු දෙනාගේම පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් අද (27) පෙරවරුවේ එම විද්‍යාලයේ පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවයට එක් වෙමිනි.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ අතර කොළඹ රාජකීය විද්‍යාලයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවත් රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ බවත් කියා සිටියේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පාදනය කරන ලද කෘතියේ පළමු පිටපතද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. මෙය ගඩොල් සහ බදාම වලින් පමණක් නිර්මාණය කළ ගොඩනැගිල්ලක් නොවෙයි. මෙය රටේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගිය සංකේතයක්.

අපේ රටේ මුල් අවධියේ දේශපාලනඥයන් වූ සී.ඒ. ලෝරන්ස්, රිචඩ් මෝගන්, මුතුකුමාරස්වාමි සහ ජේම්ස් ද අල්විස් යන සිවුදෙනාම රාජකීය විද්‍යාලයෙන් බිහි වූ අය.

එපමණක් නෙවෙයි, ආනන්ද කුමාරස්වාමි, අනගාරික ධර්මපාල වගේ අය පවා මෙම විද්‍යාලයෙන් බිහි වුණා. ඒ වගේම සී. ඒ. ලෝරන්ස්, පී. අරුණාචලම් වැනි විශාල පිරිසක් මේ අතර සිටිනවා. මේ සියලුදෙනා දේශපාලන චරිත. ඉන් අනතුරුව පී. රාමනාදන් සහ ජේම්ස් පීරිස් වැනි චරිත මේ පාසලින් බිහි වුණා.

නමුත් අපි මතක තබාගත යුතුයි මේ සියලුදෙනා ශාන්ත සෙබස්තියන් පාසලෙන් බිහිවුණු අය. සර් ජෝන් කොතලාවල මැතිතුමා ශාන්ත සෙබස්තියන් පාසලෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කර පසුව මෙම ගොඩනැඟිල්ලේ කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම දක්වා එහි අධ්‍යාපනය ලැබුවා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කිව්වා මෙහි විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු අධ්‍යාපන කටයුතුවල නිරත වුණා කියලා. එසේනම් අප සියලුදෙනා බිහි වුණේ මෙම ස්ථානයෙන්. මේ සියලුදෙනාම විවිධ ක්ෂේත්‍රවල මහඟු සේවයක් ඉටු කරපු සහ ඉටුකරන අයයි.

රාජකීයයන් සෑමවිටම ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කළා. මෙහිදී මාෂ් පූජකතුමා සිහිපත් කළයුතුයි. ඒ වගේම මෙහි කටයුතු කළ සෑම විදුහල්පතිවරයෙක්ම සහ ආචාර්ය මණ්ඩලය මෙම විද්‍යාලය ඉදිරියට ගෙන ඒමට කැප වුණා. ඒ අතර සිටි ඇතැම් අය අද මෙම ස්ථානයේ සිටිනවා.

විශේෂයෙන්ම අගමැතිතුමා සහ මම මෙහිදී ඩඩ්ලි සිල්වා මහතා සහ බෝගොඩ ප්‍රේමලාල් මහතාව විශේෂයෙන් සිහිපත් කළයුතුයි.

ඩඩ්ලි සිල්වා මහත්මයා හොඳ විදුහල්පතිවරයෙක්. ඒත් ඔහුට දුර්වල තැන් තිබුණා. එක වතාවක් ඔහු මට ගායනය ඉගැන්වීමට උත්සාහ කළා. නමුත් ඔහු අසාර්ථක වුනා.

බොගෝඩ ප්‍රේමලාල් මහත්මයා බියගම ප්‍රදේශයෙන් පැවත එන පවුලකට අයත් කෙනෙක්. එතුමාගේ ඇසුර පසුකාලීනව මගේ දේශපාලන ජීවිතයේ සාර්ථකත්වයට හේතු වුණා. රාජකීය විද්‍යාලය කියන්නේ මේ රටට වැඩදායි පුද්ගලයන් ගොඩනැගු තැනක්. මෙම පාසල තුළ පුද්ගලයන් ගොඩනැඟෙන්නේ චරිතත් සමගයි.

පළමු ලෝක යුද්ධයේ සිට පැවති යුද්ධ වලදී මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් මෙහි තිබෙනවා. රාජකීයයන් 380 දෙනෙකුගේ පමණ නම් එහි සඳහන් වෙනවා. ඒ අතරින් නම් දෙකක් මට සිහිපත් වෙනවා. ඒ මේජර් ජෙනරාල් ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් ජයතිලක යන අය. ඔවුන් සිටියේ අලිමංකඩ. ඒ මෙහොතේ අලිමංකඩ වටකරලා තිබුණා. ඔවුන්ට අයින් වෙන්න කියලා කිව්වා. එහෙත් ඔවුන් අනිත් අය යනකම් බලාගෙන සිට පිටුපසින් පැමිණියා. ඔවුන් පැනලා ගියේ නැහැ. ඔවුන් දෙදෙනාම වෙඩි වැදී මරණයට පත් වුණා. ඔවුන් රාජකාරිය නිසි ලෙසම ඉටු කළා. එය රාජකීයන්ගේ ලක්ෂණයක්.

අපි කවදාවත් පැනලා ගියේ නැහැ. ඒ නිසා තමයි අගමැතිතුමයි මමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. අපි දෙදෙනාම එකම පාසලේ. එකම පංතියේ. අපි දෙන්නටම ගෙයක් නැහැ. මට තිබෙන්නේ තාවකාලික නිවසක් පමණයි. අප අතීතය පිළිබඳ සිතමින් සිටිය යුතු නැහැ. අනාගතය ගැන සිතිය යුතුයි.

අපි කොහොමද මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ. ලෝකය වෙනස්වෙනවා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අධ්‍යාපනය‍ රැඩිකල් ලෙස වෙනස් විය යුතු ආකාරය පිළිබඳ අපි සැලසුම් සකස් කරනවා.

අද කඳුකරයේ පාසලකට ගොස් බැලුවහොත් එම එක පාසලක සිටින්නේ සිසුන් 80ක් පමණයි. නමුත් ඔබේ පාසලේ සිසුන් 8000ක් සිටිනවා. සිසුන් 5000ට වඩා සිටින පාසල් කීයද තිබෙන්නේ. පාසල් 20-30ක් පමණයි. එසේනම් පාසල් කළමනාකරණයට අදාල නව ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි.

නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අලුත් විශ්වවිද්‍යාල ඇති කර විශ්වවිද්‍යාල අධ්‍යාපන ඉහළ නැංවීමට අප අපේක්ෂා කරනවා.

අද මේ රටේ හොඳ පාසල් 50-100 ක පමණ ප්‍රමාණයක් අතර තරගයක් තිබෙනවා. එය යහපත් තත්ත්වයක්. මේ පාසල් 100න්ම බිහි වන්නේ එංගලන්තයේ හොඳම පාසල් වලින් බිහිවෙන සිසුන්ට සමාන දැනුමක් තිබෙන සිසු පිරිසක්.මොකද අපේ රටේ උසස්පෙළ විභාගය ලන්ඩන් උසස් පෙළ විභාගයට වැඩිය අමාරුයි.

අප අනාගතය දෙස අවධානය යොමු කළයුතුයි. නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමඟ ඉදිරියට යා යුතුයි. ඒ වගේම අප නව ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යා යුතුයි. අපිට තවදුරටත් පැරණ ක්‍රමය අනුව ඉදිරියට යන්න බෑ.ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, දේශපාලනය වේවා මේ සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍යයි.

එසේනම් අලුත් ආර්ථිකයක්, අලුත් රටක් සහ අලුත් දේශපාලන ක්‍රමයක් සමග අප ඉදිරියට යා යුතුයි. අපි සියලුදෙනා එකතුව ඒ අලුත් රට හදමු. පාර්ලිමේන්තුවේ අප සියලුදෙනා එකට එකතුවෙලා මේ වෙනුවෙන් වැඩකරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලන වෙනස්කම් එලෙසම තබා ගනිමු. නමුත් අපි සියලුදෙනා එකතුවෙලා මේ රට ගොඩනඟමු.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, සී.වී.විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ද රාජකීය විද්‍යාලයේ විදුහල්පති, හිටපු විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The post දේශපාලන වෙනස්කම් එලෙසින්ම තබා ගනිමින් රට ගොඩනැඟීමට සියලුදෙනා එක්වෙමු – ජනපති appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Madras High Court has directed the Indian Home Ministry to process an application filed by a Sri Lankan refugee, who has been reportedly residing in India since 1990, for Indian citizenship and pass a speaking order, either accepting or rejecting his plea.

- adaderana.lk

Oman, represented by the Ministry of Agriculture, Fisheries and Water Resources, and Sri Lanka, represented by the Ministry of Agriculture and Plantation Industries, signed a Memorandum of Understanding (MoU) in the field of Agriculture.

- adaderana.lk

Twenty newly-recruited officers to the Sri Lanka Foreign Service were welcomed to the Ministry by Foreign Secretary Aruni Wijewardane today (11).

- island.lk

At least 49 people from the Horn of Africa have died after their boat capsized off the coast of Yemen, according to the UN’s International Organization for Migration (IOM). Among the dead were six children and 31 women. Survivors told rescuers that the vessel, carrying 260 migrants, sank on Monday in strong winds. The search […]

- island.lk

The wreck of a plane carrying Malawi’s vice-president has been found with no survivors, President Lazarus Chakwera has said. Saulos Chilima and nine others were flying within the country on Monday morning when their aircraft disappeared from airport radars.  The plane, a military aircraft, was flying in bad weather. Soldiers had been searching Chikangawa Forest […]

- onlanka.com

Sri Lankan President Ranil Wickremesinghe has appointed a specialist committee to address salary discrepancies in the government sector.The post President appoints expert committee to address public sector salary discrepancies appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc