ගම්පහ දිස්ත්රික්කයේ ගොවි ජනතාවට පැරෂුට් වී වගා ක්රමය හඳුන්වා දෙයි
වැඩි අස්වැන්නක් ලබාගැනීමේ අරමුණෙන් ගම්පහ දිස්ත්රික්කයේ ගොවි ජනතාව සඳහා පැරෂුට් වී වගා ක්‍රමය හඳුන්වාදීම ආරම්භ කෙරුණා.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවයි එය ක්‍රියාත්මක කරන්නේ.
එහි පළමු අදියර ලෙස මීරිගම පල්ලෙවෙල ගොවිජන කොට්ඨාසය තුළ ගොවීන්ට පඅරෂුට් වී වගා ක්‍රමය හඳුන්වාදීම සිදුකෙරුණා.
මෙම ක්‍රමය තුළින් බිත්තර වී සඳහා වැයවන මුදල 75%කින් අඩුකරගත හැකියි.
වල් පැළෑටි සහ කෘමි උවදුරුද අවම මට්ටමක පවතිනවා.
අස්වැන්න ද ඉහළ නැංවිය හැකි බවටයි දැනට කළ පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ.
මීරිගම පල්ලෙවෙල හාපිටිගම කුඹුරුයායේ අක්කර 18ක මෙම ක්‍රමයට අනුව වගා කිරීම සිදුකෙරෙන අතර ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ලබාදෙනවා.
The post ගම්පහ දිස්ත්රික්කයේ ගොවි ජනතාවට පැරෂුට් වී වගා ක්රමය හඳුන්වා දෙයි appeared first on ITN News.