ජනක රත්නායකගෙන් කප්පම් ඉල්ලූ 03 දෙනෙකු අත්අඩංගුවට
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ 15ක කප්පමක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
තමන්ට මරණ තර්ජන එල්ල කරමින් මුදල් ඉල්ලූ බවට පවසමින් ජනක රත්නායක මහතා පසුගිය 16 වනදා කිරුළපන පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණා.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔවුන් අවුරුදු 24, 36 සහ 31 වයස්වල පසුවන රඹුක්කන හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ජනක රත්නායක මහතා කප්පම් කරුවන්ට මුලින් ලබාදුන් මුදල රැගෙන යාමට පැමිණි වාහනයේ සැකකරුවෙකු ගමන් ගන්නා ආකාරය සීසීටීවී දර්ශනවලින් තහවුරු වී තිබෙනවා.
The post ජනක රත්නායකගෙන් කප්පම් ඉල්ලූ 03 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.