හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
අත්අඩංගුවට ගත් හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඊයේ (28) රාත්‍රියේ වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයක දී බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළ ව ඔහු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රවී සෙනෙවිරත්න මහතා අද (29) ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී නියෝග කර ඇත්තේ, නොවැම්බර් මස 01 වැනිදා දක්වා ඔහු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
The post හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ appeared first on ITN News.