හමාස් ප්රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු හෙට
හමාස් සංවිධානයේ ප්රහාරයකින් මිය ගිය ශ්රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලකගේ දේහය අද (ඔක්තෝම්බර් 29) කැලණියේ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය. අවසන් කටයුතු හෙට කැලණිය, වේවැල්දූව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.