මත්ද්රව්ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සීගිරිය ආයුර්වේද මධ්‍යස්ථානය තුළදී ඔහු මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොතරතුරකට අනුව සීගිරිය පොලිස් වසමේ ආයුර්වේද මධ්‍යස්ථානයක වැටලීමක් සිදු කෙරුණා.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 612 ක්, කොකේන් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 571 ක් සමග අත්අඩංගුවට ගැනුණා.
ඩිජිටල් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඔහුළග තිබී සොයා ගෙන තිබෙනවා.
The post මත්ද්රව්ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.