ඇමති ජීවන් තොණ්ඩමන් සහ ශ්රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක්
හැකි ඉක්මනින් පලස්තීනයට සාමය උදාවනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.
පලස්තීන තානාපති කාර්යාලයට ගිය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කලානිති සුහයිර් හම්දල්ලා සෙයිඩ් මහතා හමුවී සාකච්ඡා කළේය.
අමාත්‍යවරයා සමඟ ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා, නියෝජ්‍ය උප සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.රාජදුරෙයි මහතා ද එක්ව සිටියහ.
වත්මන් තත්ත්වය පිළිබඳව ඔහු විමසා සිටියේය. යුද්ධයෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙත සිය ශෝකය පළ කරන බව ද ඔහු සඳහන් කළේය.
පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවාසීන්ගේ ස්ථාවරයේම සිටින බවත් යුද්ධය කිසිදු ගැටලුවකට විසඳුම නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
The post ඇමති ජීවන් තොණ්ඩමන් සහ ශ්රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක් appeared first on ITN News.