දරුවාට පාඩම කට පාඩම් නොතිබීම නිසා පොල්ලකින් පහර දීලා – මව්ලවිවරයෙකු අත්අඩංගුවට
කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියක ඉගැනීම් කටයුතු සඳහා ගිය අවුරුදු 8ක දරුවෙකුට පොල්ලකින් පහරදුන් බව කියන මව්ලවිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ දරුවා කාන්තන්කුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
පාඩම් කිරීමට පවරන ලද පාඩම කට පාඩම් නොතිබීම හේතුවෙන් මෙලෙස පොල්ලකින් පහර දුන් බවට විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.
The post දරුවාට පාඩම කට පාඩම් නොතිබීම නිසා පොල්ලකින් පහර දීලා – මව්ලවිවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.