නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළට
ආර්ථික අර්බුද හමුවේ නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස සංක්‍රමණය වන්නන් අතර චීන සංක්‍රමණිකයන් බහුල බවයි වාර්තා වන්නේ.
සරණාගතභාවය පතා අනතුරුදායක ගමන් මාර්ග ඔස්සේ ගමන් කර දේශසීමා හරහා ඇමරිකාවට ඇතුළු වීමට ඔවුන් කටයුතු කරනවා.
පැනමාවේ ඩේරියන් ගැප් වනාන්තර කලාපය හරහා ගමන් කර ඇමරිකාවට ඇතුළු වීම මේ වන විට බොහෝ පිරිසක් අනුගමනය කරන ක්‍රමයයි.
ඉතා අනතුරුදායක මාර්ගයක් වන මෙය ඔස්සේ චීන සංක්‍රමණිකයන් විශාල පිරිසක් ගමන් ගන්න ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
The post නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්රමණය වන පිරිස් ඉහළට appeared first on ITN News.