ෆාතිමා රිකාසා: 'ඒ පවුලේ එක ළමයෙක් විතරයි ජිවිතේ බේර ගත්තේ'
පැවති දුරකථන සම්බන්ධතා බිඳවැටීම හමුවේ බීබීසි සිංහල සේවය හා නිරන්තරයෙන් සම්බන්ධ වී සිටි ගාසා හි වෙසෙන ශ්රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා පසුගිය දින 10 පුරා අපට සම්බන්ධ කරගැනීමට නොහැකි විය. නමුත් ඊයේ (ඔක්තොම්බර් 29) දින 10කට පසු ෆාතිමාගේ ජිවන තත්ත්වය ඉතාම නරක අතට හැරී තිබුණ ද ඇය නැවත සම්බන්ධ කරගැනීමට හැකිවිය.