සටන් විරාමයක් නැහැ – ඊශ්රායල අගමැතිගෙන් ප්රකාශයක්
හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට කිසිදු සූදානමක් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරනවා.
මෙය හමාස් සංවිධානය සමඟ යුද්ධය සදහා කාලය බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
සටන් විරාමයක් ඇතිවන්නේ හමාස් සංවිධානය ආයුද බිම තබා යටත් වුවහොත් පමණක් බවද බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් සදහන් කරනවා.
කෙසේ වුවද ජගත් සංවිධානය නිවේදනය කරන්නේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර මානුෂීය ආධාර ලබාදීම සදහා ඉඩ ලබාදෙන ලෙසයි.
එමෙන්ම ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් ද අද කැඳවා තිබෙනවා.
මේ අතර යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පැයෙන් පැය ගාසා දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වන බවයි. හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ වීඩියෝපටයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
එය අමානුෂීය අරමුණු ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන්නක් බවට ඊශ්‍රායල බලධාරීන් චෝදනා කරනවා.
The post සටන් විරාමයක් නැහැ – ඊශ්රායල අගමැතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.