ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙසේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතායි.
ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රධානය කෙරුණේ එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග පැවැත්වූ සාකච්ඡාවේදීයි.
විජේවික්‍රම මහතා 1992 වසරේ රාජ්‍ය සේවයට එක්වූ අතර 2000 වසරේ දී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්වුණා. ඒ මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.
The post ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් appeared first on ITN News.