බිරිඳ යැයි හඟවා වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට උත්සාහ කරලා
තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැගවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 10/31 දින දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා. .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වන් වලදී සහ සිදු කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා දරුවා , මෙම පියාගේ වුවද , මෙම කාන්තාව ඔවුන්ගේ පවුලේ බිරිඳ හෝ මව නොවන , වෙනත් පරිබාහිර කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ , එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව , ව්‍යාජ ලෙස සකස් කර , එය තබා ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර , මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබෙනවා .
ඒ අනුව මොවුන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දුන්නා
The post බිරිඳ යැයි හඟවා වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට උත්සාහ කරලා appeared first on ITN News.