සෞඛ්ය ක්ෂේත්රයේ ගෞරවයට හානිවීමක් ගැන කෝපා කමිටුවේ දී කියයි
දුෂණ සිදුකළ සේවකයින්ට දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් නොගැනීම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයේ ගෞරවයට හානියක් බව කෝපා කමිටුවේ දී ප්‍රකාශ කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වල පරිපාලනයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය ද පළ වුණා.
රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව මගින් පත්කළ අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්වුණා.
පසුගිය වසරේ සිදුකළ විගණනයේදී කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබු ශල්‍ය ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුනා.
අදාළ සිද්ධිය සම්බන්ධ සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව ද කමිටුවේ අප්‍රසාදය පළ වුණා.
ඒ ඇතුලු තවත් කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකළ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කර වංචා සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මාස දෙකක් ඇතුලත ලබාදෙන ලෙස ද නිර්දේශ කළා.
The post සෞඛ්ය ක්ෂේත්රයේ ගෞරවයට හානිවීමක් ගැන කෝපා කමිටුවේ දී කියයි appeared first on ITN News.