ඔක්ටේන් 92 පෙට්රල් මිල අඩු වෙයි – ඉන්ධන වර්ග 4ක මිල වැඩි වෙයි
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති බව සඳහන්.
ලංකා සුදු ඩීසල් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 356ක් වන බව සඳහන්.
ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 431 ක්.
ලංකා භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 249ක් ලෙසටයි.
The post ඔක්ටේන් 92 පෙට්රල් මිල අඩු වෙයි – ඉන්ධන වර්ග 4ක මිල වැඩි වෙයි appeared first on ITN News.