ලංකා සතොස කිරිපිටි මිල පහළ දමයි
ලංකා සතොස කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා..
ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 948ක්.
සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ සිට ක්‍රියාත්මකයි .
එමෙන්ම මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998ක්.
කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540ක් .
The post ලංකා සතොස කිරිපිටි මිල පහළ දමයි appeared first on ITN News.