මෛත්රීපාල ගේ වත්කම් හා බැරකම් අධිකරණයෙන් ඉල්ලයි

- itnnews.lk

පාස්කු නඩුවට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු 4 දෙනෙකු සිය වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

පාස්කු සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි මුදල් සම්පුර්ණයෙන් ගෙවීම අපොහොසත් වීම ඊට හේතුවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන / හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු / හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන යන අය සිය වත්කම් සහ බැරකම් පිළිබද දිවුරුම් ප්‍රකාශ දෙසැම්බර් 30 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

ඒ පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් අද කැදවූ අවස්ථාවේදයි. ජූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනිසිටි නීතිඥ ශ්‍යමල් කොල්ලුරේ මහතා පැවසුවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන තම සේවාදායකයා අධිකරණ නියෝග හිතාමතා පැහැරහැරිමක් සිදුකර නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පැහැරහරින්නේ නම් එය බරපතල තත්ත්වයක් බව පෙත්සම්කාර පාර්ශවයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා පැවසුවා.

සම්පුර්ණ වන්දි මුදල් ගෙවීම අපහසු යැයි පවසන්නේ නම් ඔවුන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කැදවා විමර්ෂණයක් කර සුදුසු නියෝග නිකුත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ද කියා සිටියේ වන්දි මුදල් ගෙවීම සදහා වසර 10ක් වැනි කාලයක් ඉල්ලා සිටිම වින්දිතයන්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක් බවයි. කෙසේ වෙතත් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු පැනනොනගින බවයි අධිකරණය සදහන් කළේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම්කර සිටින නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ගනු ලැබු විනය ක්‍රියාමාර්ග පිළිබද සවිස්තර වාර්තාවක් දෙසැම්බර් 30වනදාට පෙර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

නිතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පැවසුවේ නිලන්ත ජයවර්ධන මහතා පිළිබද මූලික විනය පරීක්ෂණයට අදාළ වාර්තාවක් එම පරීක්ෂණ කමිටුව මගින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඇති බවයි.

මෙම කටයුතු වල ප්‍රගතිය සොයා බැලිම සදහා පෙත්සම් ලබන වසරේ ජූලි 15 වනදා යලි කැදවන ලෙස ද නියෝග කෙරුණා.

The post මෛත්රීපාල ගේ වත්කම් හා බැරකම් අධිකරණයෙන් ඉල්ලයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A motorcyclist has reportedly been injured and hospitalised after a tree fell on him while he was travelling on the Hatton- Bogawantalawa main road in the Wanarajawatta area today (22).

- adaderana.lk

An individual has been arrested in Kadawatha for allegedly impersonating an Inspector of Police (IP) of the Criminal Investigations Department (CID) and demanding a sum of Rs. 25,000 from a woman.

- adaderana.lk

The Department of Examination has announced the date for the 2024 Grade 5 Scholarship Examination.

- adaderana.lk

President Ranil Wickremesinghe paid a visit to the Iranian Embassy in Colombo this morning (22) to extend his condolences on the untimely tragic passing of the late Iranian President, Ebrahim Raisi, the President s Media Division said.

- colombogazette.com

A 10-year-old girl was killed after being run over by a private bus in Kurunduwatta, Gampola, Sri Lanka. The child had reportedly attempted to cross the road when the accident took place.  

- colombogazette.com

A Filipino woman has been arrested in Sri Lanka with cocaine worth over Rs 200 million, officials said on Wednesday. The woman was arrested at the Bandaranaike International Airport (BIA) when she arrived from Ethiopia via Doha, Qatar. The Filipino woman had 02 kilograms and 851 grams of cocaine concealed in three parcels inside her […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc