How can Sri Lankan charities find international donors and partners?

ජාත්යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්යාලය පිහිටුවීමට අක්කර 600ක භූමිභාගයක්

- itnnews.lk

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්  කළේ ඊයේ (02) අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින්.

මෙම සමුළුව අද (03)  අවසන් වෙනවා.

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් , අප ගොඩනඟන නව ආර්ථිකයේ ආකෘතිය ඉහළ තරඟකාරිත්වයක් සහිත ඩිජිටල් පරිවර්තනය, බලශක්ති පරිවර්තනය, සහ හරිත පරිවර්තන මත පදනම් වනු ඇතියි.

අයවැයෙන් පසු මම මේ පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවසංවර්ධනය  කිරීම සඳහා  ඇති එකම මාර්ගය මෙයයි.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සහ වේගවත් කිරීම මේ මත ගොඩනැගෙනවා.

මෙහිදී අප අපගේ හැකියාවන් හඳුනාගත යුතුයි.

සියළු දෙනා පවසන ආකාරයට ශ්‍රී ලංකාව කුඩා වීම තුළ වාසි රැසක් තිබෙනවා.

අපට විශාල වියළි කලාපයක් තිබෙනවා වගේම අපේ ජනගහනය මිලියන 22යි.

ඒ නිසා අපට අතිරික්ත හරිත බලශක්තියක් ලැබෙනවා.

අප දැන් සූර්ය බලය පමණක් නොව සුළං බලය,හයිඩ්‍රජන් බලය ආදිය පිළිබඳව දඅවධානය යොමු කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවට මේ මොහොතේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම නැහැ.

ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට නව සැලැස්මක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වෙත සහ අපේ ද්විපාර්ශ්වික හවුල්කරුවන් වෙත යොමු වෙනවා.

අප දැන් හරිත ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටිනවා.

මම පසුගිය වසරේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළා.

මේ වසරේ COP 28හිදී, අප ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප උත්සාහ කරන්නේ වසර 2040 වන විට ශුද්ධ විමෝචනයට ළඟා වීමටයි.

එය අපහසු කාර්යයක් නොවෙයි.

නමුත් මේ සඳහා වියදමක් දැරීමට සිදුවෙනවා.

ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා අවශ්‍ය වෙනවා.

වාසනාවකට ඒ එක් අවුරුද්දක් සඳහා නොවෙයි.

එය අවුරුදු විස්සක් පුරා පවතින ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල මෙම වෙනස ප්‍රවර්ධනය කිරීම සඳහා, අප ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය(ICCU)ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.

මෙම දේශගුණික විපර්යාස  විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා වන විශ්වවිද්‍යාලයක් නොවෙයි.

එය ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ ද විශ්වවිද්‍යාලයක්  වනු ඇතියි.

එය ඉදිකිරීම සඳහා දැනටමත් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් අප වෙන් කර තිබෙනවා.

තෙවනුව, ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස සඳහා මුදල් යෙදවීමේ හැකියාව වර්ධනය කරනවා.

ඇත්ත වශයෙන්ම දේශගුණික අරමුදල් පිළිබඳ හැකියාව සහ සාකච්ඡා ප්‍රධාන වශයෙන් ගෝලීය උතුරට, බහුපාර්ශ්විකයන්ට සහ චීනය, ඉන්දියාව වැනි විශාල රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබෙනවා.

අප සියළු දෙනාටම එම හැකියාව නැහැ.

හරිත ආර්ථිකය වෙත ගමන් කරන නිසා , අප එම අරමුදල් යෙදවීමේ හැකියාව ගොඩනගමින් සිටිනවා.

ඒ නිසා මම ඉහළ මට්ටමේ කණ්ඩායමක් ඒ වෙනුවෙන් පත් කරනු ලැබුවා.

ආර්ථික ස්ථායීතාවය පිළිබඳ උපදේශකවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, සහ පරිසර ආමත්‍යාංශයේ ලේකම්, ඇතුලත් මේ කණ්ඩායම නිරීක්ෂණය කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි.

ගෝලීය වශයෙන් සිදුවන සාකච්ඡාවලට සහභාගි වන්නේද මෙම  කණ්ඩායමයි.

මන්ද යත් ගෝලීය දකුණේ නොමැති එකම දේ මෙයයි.  අපට ඒ විශේෂඥ දැනුම නැහැ.

දේශගුණික මූල්‍යකරණය සම්බන්ධයෙන් අප එය ගොඩ නගා නැහැ.

මෙම සාකච්ඡාව COP28 සඳහා පෙරවදනක් වනු ඇතියි. COP28  යනු  ගෝලීය තක්සේරුවක් සිදු කරන වැදගත් රැස්වීමක් බව කිව යුතුයි.

අපට COP 28 සාර්ථක කරගන්න වෙනවා.

ශ්‍රී ලංකාව නිසැකවම ඊට සහභාගී වෙනවා වගේම , එය සාර්ථක කර ගැනීමේ අරමුණින් අපේ අදහස් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පළමු ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුව සාර්ථක කර ගැනීම වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ලබා දුන් සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියා.

එසේම මෙම වසරේ පැවැත්වීමට නියමිත COP28 සමුළුව නියෝජනය කරන ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වය දරනු ලබන බව ද සඳහන් කළා.

ලෝක බැංකුවේ පරිසරය පිළිබඳ ගෝලීය අධ්‍යක්ෂිකා වැලරි හිකී (Valerie Hickey) මහත්මිය ද මෙම සමාරම්භක අවස්ථාව ඇමතුවාය.

කැබිනට් අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ කෘෂිකර්මය පිළිබඳ ආසියානු කලාපයේ ප්‍රධානී ආචාර්ය පූර්වි මෙහෙතා, පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන   මහත්ම මහත්මීන් සහ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

 

 

The post ජාත්යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්යාලය පිහිටුවීමට අක්කර 600ක භූමිභාගයක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc