වත්තල සුද්දා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට
තලංගම පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී වත්තල සුද්දා නැමැති අපරාධ කල්ලි සාමාජිකයා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහුට අපරාධ සඳහා සහාය දුන් තවත් සැකකරුවෙකු සහ ඔවුන් විසින් සොරකම් කළ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ රැසක් ද පොලිසිය සොයා ගත්තා.
බටපොත විමලතිස්ස මාවත ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකෙරුණේ තංගල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.
එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද දරුණු අපරාධයක් සිදුකළ හැකි පිහියක් ද සොයා ගැණුනා.
සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නියාස් නොහොත් සුද්දා නැමැත්තා බවටයි තහවුරු කර ගැණුනේ.
ඔහු ළඟ තිබි සොයා ගත් යතුරු පැදිය පිළිබද කළ විමර්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙය කටුනායක ප්‍රදේශයෙන් සොරාගත් යතුරු පැදියක් බවයි.
ඒ අනුව යතුරු පැදි , ත්‍රී රෝද රථ ඇතුලු වාහන රැසක් ද මෙම පුද්ගලයා සොරකම් කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී කටුනායක , පැලියගොඩ , මරදාන , රාජගිරිය , බත්තරමුල්ල, කොට්ටාව යන ප්‍රදේශවලින් සොරාගත් ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොයා ගැනීමට ද තලංගම පොලිසියට හැකිවුණා.
මොහටු මෙම අපරාධ කිරීම සඳහා සහාය දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ පොලිසිය තොරතුරු තහවුරු කර ගෙන ඇති අතර ඉන් එක් අයෙකු කැළණිය වනවාසල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.
මෙම පුද්ගලයා සොරකම් කළ වාහන කැබලි කර අලෙවි කිරිමේ ජාවාරමක් සිදුකර තිබෙනවා.
තලංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.
The post වත්තල සුද්දා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.