ජනක රත්නායකට මරණ තරජනය එල්ල කර මුදල් ලබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජනය කර මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 ඔක්තෝබර් 16 වන දින දුරකතනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගත් බවට ජනක රත්නායක මහතා කිරුළපන පොලිසියට පැමිණිලි කර තිබුණා.
කොළඹ අපරාධ කොට්ඨාසය ඒ පිළිබද විමර්ෂණ ආරම්භ කළා.
ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරුට සැගවි සිටීමට නේවාසික පහුසකම් හා ආධාර අනුබල දුන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.
The post ජනක රත්නායකට මරණ තරජනය එල්ල කර මුදල් ලබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.