ඇප මත නිදහස් වන ත්රස්ත සැකකරුවන් සඳහා ඉන්දියාව කරන දේ
ඇප මත නිදහස් වන ත්රස්ත සැකකරුවන් සඳහා ප්‍රථම වරට ඉන්දියාව ජී පී එස් පළඳනාව භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා.
ජම්මු හා කාශ්මීර් පොලිසියයි ඉන්දියාවෙන් පළමු වරට ජී පී එස් පළදනාව භාවිත කිරීම ආරම්භ කර ඇත්තේ.
ඇප මත නිදහස් වන ත්රස්ත සැකකරුවන් හට මෙම ජී පී එස් පළදනාව ඔවුන්ගේ පාදයේ පැළදවීම සිදු කෙරෙනවා.
ඒ හරහා ඔවුන් සිටින ස්ථානය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාව පොලිසියට හිමිවනවා.
එම පළදනාව භාවිත කිරීම සදහා විශේෂ අධිකරණ අවසරයක් ද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුව ද ඇමෙරිකාව / බ්‍රිතාන්‍ය / දකුණු අප්‍රිකාව / ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි රටවල ජී පී එස් පළදනාව දැනට භාවිතයේ පවතිනවා.
The post ඇප මත නිදහස් වන ත්රස්ත සැකකරුවන් සඳහා ඉන්දියාව කරන දේ appeared first on ITN News.