ඊශ්රායල හමුදා ගාසා තීරයේ හදවතට ඇතුලු වෙයි
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවත හා සමීප කලාපයට ඇතුලු වූ බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යවරයා පවසනවා.
ආරක්ශක අමාත්‍ය ගැලන්ට් පවසන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගොඩබිම්, ගුවන් සහ මුහුදු හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් උතුරෙන් සහ දකුණෙන් නගරයට “කුණාටුවක් බඳු ප්‍රහාරයක්” එල්ල කළ බවයි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ යුද්ධයේ මරණ ප්‍රමාණය සිතා ගැනීමට අපහසු බවයි.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාව පෙන්වා දුන් අතර, ගාසා තීරයේ දිනකට සාමාන්‍යයෙන් ළමුන් 160 ක් මිය යන බව පැවසුවා.
මීට පෙර, ඛාන් යුනිස්, රෆා සහ ඩීර් අල්-බාලා යන දකුණු ගාසාන නගරවල ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය ගිය බව වාර්තා වුණා.
The post ඊශ්රායල හමුදා ගාසා තීරයේ හදවතට ඇතුලු වෙයි appeared first on ITN News.