තැපැල් වැඩ වර්ජනය අදත්
තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේතාත්මක වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි.
නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් සදහා පවරා ගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ හේතුවෙන් තැපැල් කාර්යාලවලින් සේවා ලබා ගැනීමට අපේක්ෂාවෙන් පැමිණි හා සිටි පිරිස් අසීරුතාවන්ට ලක්ව සිටින අයුරු ද දක්නට ලැබුණා.
ඇතැම් තැපැල් කාර්යාලවල කළු කොඩි ද ඔසවා විරෝධය දැක්වීමටයි තැපැල් සේවකයින් කටයුතු කර තිබුණේ.
මේ අතර තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
එමෙන්ම තැපැල්පති එස් ආර් ඩබ්ලිව් එම් ආර් පී සත්කුමාර මහතා පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවයි.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තියට අනුව ඵලදායී ආයෝජනයක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන අතර ඒ වෙනුවට සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට එකගවී ඇති බව ද තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා.
එහෙයින් මෙමවෘත්තීය ක්‍රියාමාර්ග අතහැර සේවයට වාර්තා කරන ලෙසයි තැපැල්පතිවරයා වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වී සිටින සියලු සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ වුවද තැපැල් සේවකයින් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රි 12 න් අවසන් කිරීමටයි තැපැල් වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.
The post තැපැල් වැඩ වර්ජනය අදත් appeared first on ITN News.