සීනි නිෂ්පාදන කර්මාන්තවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම්
මෙරට සීනි නිෂ්පාදන කර්මාන්ත ආයතනවල පවතින ගැටලු කඩිනමින් විසදන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
බුත්තල , පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ආයතනවල ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සීනි කර්මාන්ත ආයතනයේ දැනට පවතින ගැටලු මෙන්ම එම ගැටලුවිසදීමට කඩිනමින් පියවර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ලාබ ලබන සෙවනගල සීනි සමාගම කිසිසේත් විකිණීමට ඉඩදෙන්නේ නැති බව රාජ්‍ය අමාතවරයා සෙවනගල සීනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කියා සිටියා.
මෙම අවස්ථාවට එම සමාගමේ සභාපති මේජර් ජෙනරාල් සාරධ සමරකෝන් විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
The post සීනි නිෂ්පාදන කර්මාන්තවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් appeared first on ITN News.