නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
තීරුබදු අහිමි කරමින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇල්ල පොලිස් වසමේ වැටලීමක් සිදුකළා.
එහිදී වෙළෙඳ ආයතනයක තිබී මෙම දුම්වැටි තොගය සොයා ගැණුනා.
රජයේ සෞඛ්‍ය අවවාද පවා සටහන් නොකළ මෙම දුම්වැටි මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන ඇල්ල පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනවා.
The post නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.