මිත්යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු – ජනපති කියයි
පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශකළා
දේශපාලන වාසි ලබා ගත හැකි කරුණු බව ඉලුප්පා කටයුතු කිරීම අසාර්ථක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මිත්‍යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු. රට ශක්තිමත් වූ පසු දේශපාලන මත ගැන හිතමු.
මේ යන මාර්ගය නිවැරදි බව පසුගිය වසර තුළ සිදු කළ ක්‍රියාකාරකම් වලින් තහවුරු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා
2024 වර්ෂය සඳහා වු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් මේ බව ප්‍රකාශ කළා
The post මිත්යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු – ජනපති කියයි appeared first on ITN News.