How can Sri Lankan charities find international donors and partners?

2024 වසරේ දී 1.8 % ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා – මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ

- itnnews.lk

2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ බවයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ‍

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ඉතිහාසයේ ඉදිරිපත් කිරීමට සිදුවූ අභියෝගාත්මකම අයවැය වශයෙන් හඳුන්වන්න පුළුවන්. 2022 වසර වන විට පැවති දරුණු ආර්ථික අවපාතය හමුවේ 2023 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් පසුබිමක් පැවතියේ නැහැ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අප රජය එම අභියෝගය බාර ගත්තා. එහිදී ලබාගත් ස්ථාවරත්වය පාදක කරගනිමින් 2024 වර්ෂය සඳහා රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට වගේම අප බලාපොරොත්තු වන ආර්ථිකයක් කරා ගමන් කිරීමට හැකියාව මේ වන විට ලැබී තිබෙනවා.

නමුත් එම අවස්ථාවේදී විපක්ෂය කරන ආකාරයේ ගැලරියට කතා කරන ක්‍රමවේදයක් අප රජය ක්‍රියාත්මක කළා නම් අද රට මේ තිබෙන තත්ත්වයට ගෙන ඒමට ලැබෙන්නේ නැහැ. නමුත් විපක්ෂය 2023 වර්ෂයේ අයවැයට ඉදිරිපත් කළ චෝදනාම 2024 අදටත් එල්ල කරමින් සිටිනවා.

අප මේ වන විට වැඩකරමින් සිටින්නේ, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්, රාජ්‍ය වියදම රුපියල් බිලියන 6978ක් සමඟ අයවැය හිගය රුපියල් බිලියන 2851ක් වන ප්‍රධාන ඉල්ලක්කම් සමගයි.

එ වගේම මෙවර අයවැයේදී පාදක වුණු ප්‍රධාන ඉලක්ක කිහිපයක් සමග ද වැඩ කිරීමට අපට සිදුව තිබෙනවා. මෙම වසර තුළ කුමන ඉලක්කම් සමග ද වැඩකල යුත්තේ යන්න, අපගේ දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන තුළ දී පැහැදිලි කර තිබෙනවා. 128%ක්ව පැවති ණය බර ප්‍රමාණය 95%ක් දක්වා අඩුකිරීම, මුල්‍යම අවශ්‍යතාව 34.6% සිට 13% දක්වා අඩුකිරීම සහ විදේශීය ණය සේවා කරණය අද පවතින 9.4% සිට 4.5% දක්වා අඩු කිරීම යන කාරණා පාදක කරගනිමින් අපට 2024 අයවැය ඉදිරිපත් කිරීමට අපට සිදුවුණා.
ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ අවධානයට ලක්විය යුතු සහ පසුගිය මාස කිහිපය තුළ ආර්ථිකය පිළිබඳ විවිධ පාර්ශව විසින් අදහස් දැක්වූ ක්ෂේත්‍ර පිළිබදවම අවධානය යොමු කරමින් නැවත නැගී සිටීම සඳහා ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබාදීමට අප කටයුතු කළා.

එහිදී අපට විශේෂයෙන්ම වැදගත් වුණේ, දේශීය ණය ප්‍රශස්ථකරණයයි. ණය ප්‍රශස්ථකරණයකින් තොරව අපට ණය තිරසර භාවයක් ඇතිකර ගැනීමට හැකියාවක් නැහැ. එම වැඩසටහන මේ වන විට අවසන් කර තිබෙනවා, ඊළගට අප ද්වීපාර්ශවීය විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් අපට ලැබෙන බවට විශ්වාසයක් තිබෙනවා.

ඒ වගේම අප මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිළිබදව විශේෂ අවධානයක් යොමු කලා. එහිදී අපට ද ජනප්‍රිය දේශපාලනයේ යෙදෙමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ජනවාරී මාසයේ සිට ලබාදීමට තිබුණා. නමුත් අප එවැනි ජනප්‍රිය දේ වෙනුවට නිවැරදි ක්‍රියා මාර්ගය තෝරා ගත්තා. රටේ ආර්ථිකයට නැවත පීඩනයක් ඇති නොවන ලෙස මෙම කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා වගබලාගනු ලැබුවා.

ඒ වගේම මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබදව මෙවර අයවැයේදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඔවුන් යළි නගා සිටුවීම සදහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර තිබෙනවා. එය කොටස් දෙකකට සිදු වනවා. එහිදී ඇපකර ලබාදීමට අවශ්‍ය ආයතනය මුදල් අමාත්‍යාංශය යටතේ ජනවාරී මාසයේ පිහිටු වනවා. ඒ සදහා රුපියල් මිලියන 50ක මුදලක් සහ සහන පොලිය යටතේ මූල්‍ය පහසුකම් ලබාදීමට තවත් රුපියල් මිලියන 50ක මුදලකුත් වැය කිරීමට බලාපොරොත්තු වනවා. මෙම සහන පොලිය තනි ඉලක්කමක පොලී අනුපාතයක් බවට පත් කිරීමට ද අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම, සින්නක්කර ඔප්පුවක හිමිකම ලබාදීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ද මෙවර අයවැයේ දී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම අපගේ අරමුණයි. එහිදී 1.8 % ක ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම අපගේ මූලික අරමුණ වනවා.

ජනාධිපතිතුමා ජනතාවගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. ජීවත් වීමටත් අවදානමක් තිබුණු රටක අප විසින් ඉදිරිපත් කළ අයවැයටත් විරුද්ධ වූ අය හිටියා. නමුත් අද රට අද තිබෙන ස්ථාවරත්වයට පත්වුණේ පසුගිය අයවැය නිසා බව කිව යුතුයි. ක්‍රිකට් වෙනුවෙන් එකතු වුණු පාර්ලිමේන්තුවේ සාමාජිකයින් මිලියන 22ක් වන රටේ ජනතාවගේ ආර්ථිකය වෙනුවෙන් එකතු වන බවක් අප දුටුවේ නැහැ. එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව කිව යුතුයි. අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටවත් විපක්ෂ නායකවරයාට සදාචාර සම්පන්න අයිතියක් තියනවා කියා මම හිතන්නේ නැහැ.

ඒ වගේම ආදායම් බදු එකතු කිරීමේ ජාලය ඇතුළු රාජ්‍ය අදායම් එකතු කිරීම කඩිනමින් පුළුල් විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාව නැවත ආර්ථික අර්බුදයකට ගමන් නොකරන බව සහතික විය හැකියි.

 

 

 

The post 2024 වසරේ දී 1.8 % ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අපේක්ෂා කරනවා – මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

- adaderana.lk

State Minister for Social Empowerment Anupa Pasqual, emphasized that new laws are being introduced to facilitate the use of uncultivated land for agricultural purposes as land is vital for social empowerment.

- colombogazette.com

India, one of the world’s fastest-growing markets The advancement of artificial intelligence (AI) has been transformative, revolutionizing industries and reshaping economies globally. AI technologies, encompassing machine learning, neural networks, and natural language processing, are driving innovation in various sectors, including healthcare, finance, and transportation. These advancement...

- adaderana.lk

Minister of State for Finance Ranjith Siyambalapitiya has said that new liquor licenses will be issued only based on factors such as the country s population and tourist arrivals.

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc