ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂකක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත්වූ කපිතාන් ආනන්ද් මුකුන්දන් ඊයේ (නොවැ.14) ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවුණා.
ජෙනරල් ගුණරත්න විසින් ඉන්දීය ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර,දෙරට අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් කපිතාන් මුකුන්දන්ගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා.
මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදරද සහභාගි වුණා.
The post ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂකක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක් appeared first on ITN News.