ගාසා තීරයේ රෝහල් වලට අවශ්ය ඖෂධ ලබාදීමට නොහැකියි – ලෝක සෞඛ්ය සංවිධානය
ගාසා තීරයට මානූෂීය ආධාර සැපයීමේ දී ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි බව ලෝක සෞඛ්ය සංවිධානය පවසනවා.
ගාසා තීරයේ රෝහල් වලට අවශ්ය ඖෂධ හා අනෙකුත් පහසුකම් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටේඩ්රෝස් ඇඩ්හනෝම් සඳහන් කරනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය අවශ්‍යතා ඉහළ යමින් පවතින පසුබිමක ඒවා සැපයීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.
පසුගිය සති දෙක තුළ දී පමණක් මෙට්‍රික් ටොන් 54ක පමණ මානූෂීය සැපයුම් ගාසා තීරයට ලබාදී ඇති අතර එය අවශ්‍යතා සැපිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොව බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසනවා.
කෙසේ වුවද පලස්තීන වැසියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට ලෝක සෞඛ්ය සංවිධානය තම උපරිමයෙන් ක්‍රියා කළ ද වර්තමාන තත්ත්වය යටතේ එය දැඩි අසීරු කර්තව්‍යක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.
The post ගාසා තීරයේ රෝහල් වලට අවශ්ය ඖෂධ ලබාදීමට නොහැකියි – ලෝක සෞඛ්ය සංවිධානය appeared first on ITN News.